පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනින ආකාරයට ජනතාව පැනීමට සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පවසන්නේ, නායකයා පසුපස ගව රැළක් සේ යන ජනතාව අතීතයේ සිටියද, දැන් එවැනි තත්ත්වයක් නොමැති බවයි.
එමෙන්ම ජනතාවගේ දේශපාලන සවිඥානය ඉදිරි මැතිවරණයේදී පෙන්නුම් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිළ මහතා:
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනින පැනිල්ලේ හැටියටම ජනතාව පනින්න සූදානම් නැ. මොකද එදා වගේ නායකයාගේ පසුපස ඔහේ ගව රැලක් සේ යන ජනතාව අතීතයේ හිටියා.අද සමාජයේ එකක්, අපේ සාක්ෂරතාවය 94%ක්.ඒක ඉදිරි මැතිවරණයේදී තවත් පෙනෙයි”
Comments




