ජනාධිපති අපේක්ෂකවරු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදිම රටට සුභදායක නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (12) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීයි..
තිස්ස අත්තනායක මහතා පවසන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මුලික සුදුසුකම් සහිත නිර්ණායක පද්ධතියක් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ අදහස් ගෙන සකස් කළ යුතු බවයි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා:
”ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි වුණොත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය වැඩි කරන්න සිදුවෙන බව මැතිවරණ කොමිසම කියනවා. එලෙස ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය වැඩිවුණොත් එක් අපේක්ෂකයෙක් සඳහා මිලියන 200ක අමතර වියදමක් දරන්න සිදුවෙන බව මැතිවරණ කොමිසන් සභාව කියනවා. රටේ ජනතාවගේ මුදල් විශාල නාස්තියකට ගමන් කරන බව මෙවැනි ප්‍රකාශ හරහා ඉස්මතු වෙනවා. පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට හෝ පාර්ලිමේන්තුවේ හිටපු සහ සිටින මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
කෙසේ නමුත් මේ තත්ත්වය වළක්වා ගන්න ඉදිරියේදී කටයුතු කළ යුතු වෙනවා. බොහෝ අපෙක්ෂකයන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ ප්‍රධාන අපෙක්ෂකයන්ට සහය වෙන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් නැවත සිතිය යුතුයි. මෙලෙස ජනාධිපති අපෙක්ෂකවරු විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණය සඳහා තරඟ වැදිම රටට සුභදායක නෑ. ඒ නිසා මෙම ක්‍රියාවලියේදී යම් යම් වෙනස්කිරිම් සිදු කළ යුතුයි. ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වන අපෙක්ෂකයෙකුට මුලික සුදුකම් මාලාවක් ඇතුළත් කළ යුතුයි. මුලින්ම ඇප මුදල මිලිනයක් දක්වා වැඩි කළ යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයන්ට මුලික සුදුසුකම් සහිත නිර්ණායක පද්ධතියක් පිළිගත් දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ අදහස් අරගෙන සකස් කළ යුතුයි. එසේ සිදුකළොත් ඊළඟ ජනාධිපතිවරණයේදී හෝ මේ තත්ත්වය වළක්වා ගන්න පුලුවන්. මැතිවරණ ක්‍රියාවලිය සරල කිරිමට කටයුතු කළ යුතුයි”




