spot_img
spot_img

සජිත්ගේ සහයට තවත් පිරිසක් ?

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම වෙනුවෙන් සමගි ජන සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අද (13) දිනයේ එක්වීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බවයි.

ඒ අනුව ඉදිරියේදී ද තවත් පක්ෂ සහ කණ්ඩායම් සිය සන්ධානය සමඟ එක්වීමට නියමිත බව රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා;

“පහුගිය 8 වෙනිදා මේ රටේ බිහිවුණ ශක්තිමත්ම සන්ධානයක් පිහිටවුවා. අපිත් සමග තවත් ක්‍රියාකාරී දේශපාලන පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් සන්ධානගත වෙනවා. මේක දිගින් දිගටම සිදුවෙයි. ඉතිහාසයේ මේ රටේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවන්න, ශක්තිමත්ම ජනාධිපතිවරයා පිහිටුවන්න මේ තුළින් අපිට අවකාශය ලැබෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...