Tuesday, April 21, 2026
spot_img
spot_img

නාමයෝජනා භාරගන්නා දිනට රැකවල් දැඩිවෙයි

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩ්‍රෝන කැමරා,ස්නයිපර් තුවක්කුකරුවන් සහ පන්දහසකට ආසන්න පොලිස් නිලධාරීන් යෙදවීමටයි යොජනා වී ඇත්තේ.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ දී ඉකුත් 09 වැනිදා පැවති නාමයෝජනා දින ආරක්ෂක සැලසුම පිළිබඳ සාකච්ඡාවේදී මෙම යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කෙරෙන අතර, අපේක්ෂකයාට හිමිවන්නේ ඒ බලපත්‍රයයි.

එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව හිමිවනවා.

අපේක්ෂකයා සමඟ ඊට ඇතුලුවිය හැක්කේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණයි.

නාමයෝජනා භාරගැනීම 15 වැනිදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ සිදුකරනු ලබන අතර විරෝධතා සඳහා විනාඩි 30ක කාලයක් වෙන්කර තිබෙනවා.

මේ දක්වා අපේක්ෂකයින් 27 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර මුදල් ඇප තැන්පත් කිරීම 14 වැනිදා දහවල් 12.30 දක්වා සිදු කළ හැකියි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...