spot_img
spot_img

වාහන ආනයනය ගැන ජනපති දුන් ඉඟිය

බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි.

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කෙරුණු එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“බදු වැඩි කිරීම නිසා 2023 සහ 2024 මුල් කාලය අමාරු කාලයක් වුණා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න හැකිවුණා. මේ පියවර පෞද්ගලික අංශයට බලපානවා. IMF සමඟ මාස 6කට සැරයක් සාකච්ඡා කරනවා. එතැනදි පෙනුණේ තවත් දියුණු වෙමින් පවතින බව. බදු ගැටලු සංශෝධනය කිරීමට IMF සමඟ සාකච්ඡා කරනවා. IMF සමඟ එකඟ වන කරුණුත් – එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ආදායමේ විශාල කොටසක් තියෙන්නේ වාහන බදුවලින්. ලබන අවුරුද්ද මැද වෙනකොට මීට වඩා හොඳ දියුණුවක් ලැබෙයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...