spot_img
spot_img

ශ්‍රී ලාංකිකයින්ව රැවටූ තමිල්නාඩුවේ ආබුල් ඛාන්

ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් තමිල්නාඩුවේ සිදුකළ මිනිස් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඉන්දීය විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සීනි ආබුල් ඛාන් නම් වූ එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වසර තුනක පමණ කාලයක් ඉන්දීය පොලීසිය විමර්ශන සිදුකර තිබු බව සඳහන් ය.

මෙම සැකකරු එල්ටිටිඊ සංවිධානය සමග සබඳතා පැවැත් වූ ඊසාන් නම් ශ්‍රී ලාංකිකයෙකු සමග එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේය.

කැනඩාවේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ ප්‍රකාශ සිදුකර ශ්‍රී ලාංකිකයින් මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට රැගෙන විත් එහි විවිධ ස්ථානවල සිරකර තැබීම මොවුන් විසින් සිදුකර තිබුණි.

ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු පමණ මෙම ජාවාරමට ගොදුරුවි ඇති බව ඉන්දීය ජාතික විමර්ශන එජන්සියට තොරතුරු වාර්තා වී තිබේ.

2021 වසරේ ජුනි මාසයේ දී එලෙස සිර කර තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු තමිල්නාඩු පොලීසිය විසින් මුදාගැනීමට කටයුතු කළේය.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර, වසර 3ක කාලයක් සැඟවී සිටි එහි ප්‍රධානතම සැකකරුවකු වන ආබුල් ඛාන් නමැත්තා ඊයේ (10) රාමනාදන් පුරම් හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...