Monday, April 20, 2026
spot_img
spot_img

CPL තරගාවලියෙන් වනිඳු හා නුවන් තුෂාර ඉවතට

බ.ඉ. කොදෙව් දූපත් සමූහයේ පැවැත්වෙන ප්‍රධානම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී ඇත.

මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීගය මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනාම St Kitts & Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව අවසන්වූ එක්දින විස්සයි 20 තරගාවලියේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධයන්ට ලක් වුණි.

ඉන් නුවන් තුෂාරට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් සමස්ත තරගාවලියම අහිමි වූ අතර, හසරංගට එක්දින තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග අහිමි විය.

ඒ අනුව හසරංග හා තුෂාර වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක දෙපළක් වන Tabraiz Shamsi හා Anrich Nortje කැඳවීමට ශා. කිට්ස් කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

ඔවුන් දෙදෙනාගෙන් ෂම්සි මීට පෙරද කැරිබියානු ප්‍රිමියර් ලීගය ක්‍රීඩාකර ඇති වුවත්, නොකියාගේ පළමු අද්දැකීම මෙය වනු ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...