spot_img
spot_img

වසර 28කට පසු කැනඩාවට ලැබුනු රන් පදක්කම

ගියවර ඔලිම්පික් ශූරයන් මෙන්ම, වත්මන් ලෝක ශූරයන් වන අමෙරිකාව අබිබවා යමින් මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (09) පැවති පිරිමි මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කැනඩාව සමත් විය.

ඔවුන් රන් පදක්කම දිනාගනු ලැබුවේ ප්‍රබල අමෙරිකානු කණ්ඩායම පහසුවෙන්ම මෙහි රන් පදක්කම දිනාගනු ඇති බවට අනාවැකි පළකර තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.

කැනඩා කණ්ඩායම සිය ඉසව්ව අවසන් කිරීම සඳහා තත්පර 37.50ක කාලයක් ගත කර තිබුණි.

මෙය වසර 28කට පසු කැනඩා කණ්ඩායමක් ඔලිම්පික් උළෙලක මීටර් 100 සහාය දිවීමේ ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසින්ද සැලකෙයි.

මේ අතර මෙම ඉසව්වේ රිදී පදක්කම දකුණු අප්‍රිකාව (තත්. 37.57) හිමිකරගනිද්දී, ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යයට (තත්. 37.61) හිමිවිය.

තරගයේ රන් පදක්කම හිමිකරගනු ඇතැයි සියලු දෙනා බලාපොරොත්තු තබා සිටි අමෙරිකා කණ්ඩායමේ පළමු යෂ්ඨි හුවමාරුව නීත්‍යානුකූල නොවීම හේතුවෙන් ඔවුන්ගේ තරග ප්‍රතිඵපලය අහෝසි කෙරුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...