spot_img
spot_img

වැඩිවන අපේක්ෂකයෙකුගේ වියදම මිලියන 200ක්-මැ.කො

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,

“එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...