spot_img
spot_img

රට දූෂණයෙන් මුදා ගන්නවා – ෆොන්සේකා

යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසුවා.

දියුණු රටවල් බවට පත්ව තිබෙන ලොව බොහෝ රටවල් ප්‍රතිපතියක් ඇති එකම නායකයෙක් පමණක් දියුණු කළ ඒවා බවත්, පක්‍ෂ දේශපාලනයට ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ සිටින පිරිසගෙන් වැඩි පිරිසකට රට වැටී ඇති තත්වය පිළිබඳව කිසිඳු හැගීමක් නොමැති අතර, මෙරට ජනතාවගෙන් ලක්‍ෂ 25 ක් පමණ පක්‍ෂවලට දැඩිව බැදී සිටීම ගැටලුවක් බවද ඔහු කියා සිටියා.

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වූ බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වීම නිසා එයට නීතිය හරහා මුහුණ දෙන බවත්ඔහු සඳහන් කළා.

ඔහු කියා සිටියේ, පක්‍ෂයට එරෙහිව කටයුතු කිරීමෙන් සිය පෞද්ගලිකව දේශපාලනය අවදානමකට ලක්ව තිබුණත් එය තමන් දැන සිටි බවත් පෞද්ගලික දේශපාලනය සඳහා නොව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට පක්‍ෂයට එරෙහි වූ බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසුව ආණ්ඩුව භාරගැනීමට විපක්‍ෂ නායකවරයා කටයුතු නොකිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වූ ඡන්දයට විපක්‍ෂ නායකවරයා ඉදිරිපත් නොවීම ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීම යන සිද්ධි දෙක පක්‍ෂය සමඟ හොඳ හිත පළුඳු වීමට ප්‍රධාන හේතුව බවත් විපක්‍ෂය ආණ්ඩුවක් භාරගත යුත්තේ වැටී තිබෙන අවස්ථාවේදී බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ඉතිහාසයේ පැවැති ප්‍රධාන පක්‍ෂවල ජයග්‍රහණය කරන තත්වයක් නොමැති මෙන්ම ප්‍රබල පක්‍ෂ විනාශ වී අවසන් බවත් ජනාධිපතිවරණයේදී මාලිමාවට සහයෝගය දීමේ කිසිඳු සූදානමක් නොමැති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...