spot_img
spot_img

ජනපති සටනට දැනට 24ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත්.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීල රතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ , කේආර් ක්‍රිෂාන්, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර්‍ර් පෙරේරා, මුහම්මත් ඉල්ලාස්, ප්‍රේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ ඩී.එම් බණ්ඩාරනායක එම අපේක්ෂකයෝ වෙති.

අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව ඒෆෝ කුලයක හැඩයට මුද්‍රණය කිරීමට සිදුවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවා.

එක කොලේ කොටස් දෙකකට බෙදා පත්‍රිකාව සකස් කරනු ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළා.

ඡන්ද පත්‍රිකාව දීර්ඝ වුවහොත් රටේ මුදල් වැය වැයවීම පමණක් නොව ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවද ඔහු සදහන් කළා.

ඡන්ද ගණන් කිරීමේදීද ගැටලු ඇතිවන බවත් ඡන්දදායකයන්ද ඡන්ද පොළේදී මේ හේතුවෙන් අපහසුතාවයට පත්විය හැකි බවත් රත්නායක මහතා පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...