spot_img
spot_img

අල්ලස් ගත් පී.සී වසර 8කට හිරේ

වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළා.

චෝදනා හතරට රුපියල් 5000 බැගින් රුපියල් විසි දහසක දඩයක්ද අගතියටපත් පැමිණිලිකාර ටිපර් රථ රියදුරට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට නියම කළා.

අදාල දඬුවම් කාලය තුළදී චූදිතගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ත් නියෝග කළා.

වසර අටක සිර දඬුවම වසර හතරකින් එකවර ගෙවි යන පරිදි නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ලක් ප්‍රකාරව දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...