අද ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිදු නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබෙනවා.
මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබෙන අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී අනෙකුත් පක්ෂවලටද පූර්වාදර්ශයක් ලබා දීමේ අරමුණින් යුතුව මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහාම මෙම පුරප්පාඩු පිරවීමට සමගි ජනබලවේගය තීරණය කොට තිබෙනවා.
කෙසේවෙතත් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දෙක සඳහා කිසිවෙකුත් පත්කර නොගැනීමෙන් සමගි ජනබලවේගය තුළ අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණය වීමට ඉඩ ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ සමගි ජනබලවේගයට සහය දක්වන එක්තරා මාධ්‍ය ආයතනයක කැමැත්ත අකමැත්ත මත පක්ෂයේ බොහෝ දේ තීරණය වන බැවින් මෙම අර්බුධය නිර්මාණය වී ඇති බවටයි.




