සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇතුළු දැරූ සියලු අමාත්‍ය ධුරවලින් හරීන් ප්‍රනාන්දු ඉවත් වී තිබෙනවා.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළා.
වැඩි දුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා
“මට අද කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවන්. මම මාව විශ්වාස කළා. මම ඒ අවදානම දැනගෙන තමයි තීරණය ගත්තේ. මම ඒ වෙලාවේ ගියේ රටේ ප්රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරන්න. මමම තමයි ස.. ෆේල් කිව්වේ. මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ. අධිකරණයට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මම ඒ තීන්දුව පිළිගන්නවා.”




