spot_img
spot_img

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරයි

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසකට එරෙහිව සිදු කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ක් බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළා.

තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, ආනන්ද විජේපාල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් අදාළ පෙත්සම් මගින් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර කොමිසමේ සාමාජිකයින් විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා.

ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අදාළ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...