සමගි ජන බල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිවීම නිසා මන්ත්‍රීධුරය අහිමිවූ කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙනුවට එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කළ බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
හරීන් ප්‍රනාන්දු මහතා පත්වූයේ සජබ ජාතික ලැයිස්තුවෙන්.
කෙසේ වෙතත් හිස් වූ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවට ඉදරිපත් කරන්නේ කවුද යන්න වග මේ වනතුරුත් දැනුම් දීමක් කර නැහැ
බොහෝ දුරට එම හිස් වූ අසුන සදහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගේ නම යෝජනා වී තිබෙනවා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය සදහා ප්‍රබල මාධ්‍ය නාලිකාවක් මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන බැවින් ඔවුන්ගේ බලපෑම මත හිස්වූ මන්ත්‍රී ආසනය සදහා හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කරන්නේද යන්න සැක සහිත බවටයි අභ්‍යන්තර ආරංචිමාර්ග අප සමග සදහන් කළේ.




