හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ලබා දීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2020 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබුවා.




