ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව පැවසුවේ, අද දිනය තුළ ද රාජ්‍ය සේවකයින්ට තම තැපැල් ඡන්ද අයැදුම්පත් ආයතන ප්‍රධානියා මාර්ගයෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ හැකි බවයි.
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර දීමේ කාලය පසුගිය 05 වැනි දා අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව එය අද දක්වා දීර්ඝ කෙරුණා.
තැපැල් ඡන්ද අයැදුම්කරුන්ට අයැදුම්පත් සම්පුර්ණ කිරීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.




