spot_img
spot_img

පක්ෂේ ජයග්‍රහණය තමයි රටේ ජයග්‍රහණය වෙන්නේ- නාමල් රාජපක්ෂ

රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන නුතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට පොදුජන පෙරමුණ දෙමාපියන්ගෙත් තරණයන්ගෙත් අපේක්ෂාවන් මල්ඵල ගන්න කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (07) පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක්තවය සම්බන්ධයෙන් පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී ඔහු කියා සිටියේ රටේ ඇති අභියෝගාත්මක අවස්ථාවකදී අභියෝග භාර ගන්න තමා සුදානම් බවත් පාක්ෂිකයා කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවයි.

නාමල් මහතා මෙහිදි හිත්අමනාප කම් අඩුපාඩු සියළු දේ හදාගෙන ඉදිරියට යාමට යළි අත්වැල් බැඳගන්නා ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට ආරාධනා කර සිටියා.

පැහැදිලිවම පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව පැවසු ඔහු තමාගේ ජයග්‍රහණය පක්ෂයේ ජයග්‍රහණය වන බවත් එය රටේම ජයග්‍රහණය බවදඅවධාරණය කළා.

තවදුරටත් ඔහු පවසා සිටියේ

”පොහොට්ටුවේ පෙතිගලවන්න උත්සහ කරන්න පුලුවන්.පොහොට්ටුව පිපින්නෙත් මඩේ, නැට්ට එක්කෙනෙක් ගාව වෙන්න පුලුවන් උඩ කැල්ල තව කෙනෙක් ගාව පුළුවන් හැබැයි මේ ඔක්කෝම තියෙන්නේ ජනතාව ළඟ.උත්සහ කරන්න පුලුවන්.ජනතවෙ අතේ තීරණය තිබෙන්නේ..”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...