spot_img
spot_img

දෙමටගොඩ දුම්රිය අංගණ සේවකයින්ගේ වර්ජනය අවසන්

අතුරුදන් සේවකයෙකු සෙවීමට බලධාරීන් ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවන බවට චෝදනා කරමින් දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් ආරම්භ කළ වර්ජනය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ඒ අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අදාළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

නියෝජ්‍ය දුම්රිය සාමන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ පැවසුවේ, වර්ජනයේ නිරතව සිටි සේවකයින් අදාළ සාකච්ඡාවෙන් පසුව යළි රාජකාරි ආරම්භ කළ බවයි.

ඒ අනුව ධාවනය ප්‍රමාද වූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ දුන්හිඳ ඔඩිසි යන දුම්රිය යළි ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...