spot_img
spot_img

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහයත් සජිත්ට

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව අද (06) ප්‍රකාශ කළා.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දිගම්බරන් සහ වී.රාධ ක්‍රිෂ්ණන් ද එක්වුණා.

මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීත්තර මණ්ඩලය වැල්ලවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස් වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ, ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි.

ඉදිරි ජනධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද තීරණය කළා.

එම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති එම පක්ෂයේ උත්තරීත්තර මණ්ඩල රැස්වීමේදීයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...