spot_img
spot_img

කුරුණෑගල එළවළු ගොවීන්ට නොමිලයේ පොහොර

කටාර් චැරිටී සංවිධානය විසින් කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගාවේ නිරතවන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ‌ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටයුතු යොදා ඇත.

මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බාර දිම පසුගියදා සිදුවිය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩ සටහනට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මොහම්මඩ් එස්. එම්. අබුකලිෆ් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සැළකිල්ලට ගනිමින් කටාර් චැරිටි ආයතනය මෙම පියවර ගෙන ඇති අතර මෙම වැඩ සටහන යටතේ කුරුණෑගල එලළුලු ගොවීන් 1476ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 1000ක් හා මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 1000කට එලවළු වගාව සඳහා මෙම පොහොර නොමිලයේ ලබා දීමට නියමිතය.

මේ යටතේ එක් ගොවියෙකුට යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර කිලෝ ග්‍රෑම් 25ක පොහොර මිටියක් බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

“පසුගිය කාලය තුළ අපි වී, තේ, පොල්, කුරුඳු ආදි වගාවන් සඳහා පොහොර සහනාධාර ලබා දුන්නත් එළවළු ගොවීන්ට පොහොර සහනාධාර වශයෙන් ලබා දීමට හැකි වුනේ නැහැ. එයට හේතුව නම් රටේ ඇති මුදල් තත්ත්වය යහපත් නොවීමයි. නමුත් කටාර් චැරිටි සංවිධානය එලවළු වගා කරන ගොවීන් යම් ප්‍රමාණයකට නොමිලයේ පොහොර ලබා දීමට අද ඉදිරිපත් ව සිටිනවා.“

මෙම සංවිධානය තුළ ක්‍රියාත්මක වන්නේ කටාර් රාජ්‍යයේ ජනතාවගේ මුදල්. අපේ රටේ ආහාර සුර්කෂිතතාවය උදෙසා මෙවැනි පරිත්‍යාගයක් සිදු කළ කටාර් රජයට මෙන්ම කටාර් චැරිටි ආයතනයට අපේ රජයේ කෘතඥතාවය පළකරන බව ද අමාත්‍යවරයා කීය. (දිනමිණ)

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...