spot_img
spot_img

වාර්තා පොත් අලුත් කරමින් අරුණ අවසන් පූර්ව වටයට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවිය.

අරුණ සහභාගි වූ තරගය මෙරට වේලාවෙන් ඊයේ (04දා) රාත්‍රී 11.05ට පමණ පැවැත්විණි.

මූලික වටයේ තරග (Heats) 06කින් සමන්විත වූ මෙම තරග ඉසව්වේ 05වැනි මූලික තරගයට අරුණ සහභාගි විය.

එහිදී ඔහු තත්. 44.99කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද විය.

මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වූයේ තත්. 45.30කි.

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්. 45ට අඩුවෙන් අවසන් කළ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමටද අරුණට හැකිවිය.

අරුණට මෙවර ඔලිම්පික් වරම් හිමිවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවූ ක්‍රීඩකයෙකු ලෙසිනි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...