spot_img
spot_img

බංග්ලාදේශයට ඇඳිරි නීතිය

බංග්ලාදේශය තුළ යළි මතු වී ඇති විරෝධතා අතරතුර පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම විරෝධතා පැවැත්වෙන්නේ එරට අගමැතිනි ෂෙයික් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින්.

බංග්ලාදේශයේ ඩකා අගනුවරට රැස්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතා පාගමනේ නිරත වුණා.

විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසන්නේ රැකියා කෝටාවට එරෙහිව වීථි බැස විරෝධතාවය පළකර 200කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බවයි.

මේ අතර පාලක අවාමි ලීගයේ ක්‍රියාකාරීන් මෙම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.

විරෝධතාකරුවන් ඩකා හි ෂාබාග් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලක් වන බංගබන්ධු ෂෙයික් මුජිබ් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ප්‍රහාර එල්ල කළ අතර වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා.

ඩකා හි ප්‍රධාන මාර්ගයක් අවහිර කළ විරෝධතාකරුවන් සිය ගණනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

විරෝධතාකරුවන් නිවාසවලට ප්‍රහාර එල්ල කරමින් ගොඩනැගිලි රැසකට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.

අද පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙන අතර සියලුම සමාජ ජාලා වෙත පිවිසීම සහ ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය තීරණය කර තිබෙනවා.

අගමැති හසීනාගේ පරිපාලනය චෝදනා කරන්නේ බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ තහනමට ලක්ව ඇති දක්ෂිණාංශික ජමාත්-ඊ-ඉස්ලාම් පක්ෂය විසින් සිසුන් නැවත ප්‍රචණ්ඩ වන ආකාරයේ උසිගැන්වීම් සිදුකරන බවටයි.

බංග්ලාදේශ අගමැතිනිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කළ ද ඇය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.

වසර 15කට අධික කාලයක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනාට මෙම විරෝධතා රැල්ල දැඩි පීඩනයක් වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...