spot_img
spot_img

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙටින් (05) අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට ලැබිය යුතු අතර, හෙට දිනයේ අයදුම්පත් තෑපෑලට භාර දීම එම අයදුම්පත් පිලිගැනීම සඳහා හේතුවක් නොවන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා ඊයේ (04) දිනය තෙක් ඇප මුදල් තැන්පත් කිරීම් සිදු කර ඇත්තේ අපේක්ෂකයින් 14 ක්.

එම ඇප මුදල් තැන්පත් කර ඇත්තේ පිලිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01 ක්ද ස්වාධීන අපේක්ෂකයින් 05 ක්.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ජුලි මස 26 වනදා දින සිට අගෝස්තු 14 වන දින මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ, කාර්යාල දින වලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරි විසින් භාර ගන්නා බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව, අගෝස්තු මස 15 වනදා දින පෙරුවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාල සිමාව තුළ නාම යෝජනා භාර ගැනීම් සිදු කරන අතර එම කාලය තුලදීම විරෝධතා දැක්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...