spot_img
spot_img

සර්ව ජන බලයේ ජනපති අපේක්ෂයා නම් කිරීම අද

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂයා අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සර්ව ජන බලය සන්ධානයේ නියෝජිත හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලබන බවයි.

සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව ඔහු එහිදී සඳහන් කළා.

දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය පසුගිය මැයි 27 වනදා සර්ව ජන බලය නමින් නව සන්ධානයක් සඳහා ගිවිසුම් ගත වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...