Sunday, April 19, 2026
spot_img
spot_img

මහින්ද රනිල්ට බෑ කියයි

පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.

එසේම පක්ෂය ගත් තීරණය තමාට  පෞද්ගලිකවම මැදිහත්වී  වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා  දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී ඊයේ (1) හමුවී සාකච්ඡා කර ඇත

හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය.

දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද  අයුරින්  පැවැත්වුණු බව  දැනගන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හිටපු ජනාධිපතිවරයාගෙන්  මීට පෙරද ඉල්ලීමක් කර තිබිණ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...