Thursday, June 4, 2026
spot_img
spot_img

දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට

දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට කැදවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇති බවයි.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් අවසන් වනවා.

එසේම ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් තැපැල් සේවාව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ ප්‍රකාශ කළා.

අදාළ කටයුතු වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදුම් කාර්ය මණ්ඩලයයේ 8000ක් හා නිලධාරින් 4000ක් යෙදවීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ජනාධිපතිවරණය සදහා ඇප තැන්පත් කර ඇති අතර, ඇප මුදල් භාරගැනීමේ කාලය මේ මස 14 වැනිදා මධ්‍යහ්න 12න් අවසන් වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...