spot_img
spot_img

මං නැත්නම් ජනපතිවරණයකුත් නැහැ – විජයදාස

තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම් 2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ සඳහන් කළේ විජයග්‍රහණයේ පෙර දැක්ම නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂිත නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි.

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ කිසිවෙකු ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ සහය නැතුව ජනාධිපති වීමට සිතනවා නම් එය කළ නොහැක්කක් බවයි.එහෙත් ඡන්ද තිබෙන්නේ පක්ෂ මූලස්ථානයේ නොව ඡන්ද තිබෙන්නේ මහපොළොවේ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවත් රටේ පැවැත්ම හෝ වැනසීම තීරණය වන්නේ ද මෙම මැතිවරණයෙන් බවද ඔහු කීය.

තමා ජනාධිපති වන්නේ මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දුන් අවවාදය අනුව යමින් රටේ අයිතිකාරයා වීමට නොව භාරකාරයා වීමට යයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිළිගැනීමේ කතාව සිදු කළේය.ඊට අමතරව සර්ව ආගමික නායකයෝද විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාදය පළ කරමින් අදහස් දැක්වූහ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...