spot_img
spot_img

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

කැබිනට් තීරණයක් මඟින් අනුමත වුණු රුපියල් 3000ක අමතර දීමනාව ලබන මාසයේ සිට සියලු විශ්‍රාමිකයන්ට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා.

ඔහු පවසා සිටියේ මෙරට විශ්‍රාමිකයින් ලක්ෂ 7කට මෙම විශේෂ අමතර දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ලබා දෙන බවයි.

එමෙන්ම, මෙම රුපියල් 3000 දීමනාව 2024 අයවැය ලේඛනයෙන් යෝජිත රුපියල් 2500ක මුදලට අමතරව ලබා දෙන්නක් බවයි.

ඒ අනුව, සියලුම විශ්‍රාමිකයින්ට සැප්තැම්බර් මාසයේ සිට සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 5500ක දීමනාවක් හිමි වන බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...