spot_img
spot_img

අදානිගේ සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහි පෙත්සම සලකා බලන්න දිනයක්

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

එස්. තුරෙයි රාජා, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද (02) කැඳවනු ලැබුණා.

පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඇත්නම් ඒවා අගෝස්තු මස 20 වනදාට පෙර ගොනුකරන ලෙසත් වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 13 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරුණා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් යෝජිත සුළං බලාගාරය ඉදිකරනු ලැබුවහොත් ඒ තුළින් පාරසරික ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත් බලාගාරය තුළින් සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...