spot_img
spot_img

පොලීසියේ පරිපාලන රාජකාරී ලලිත් පතිනායකට පැවරෙයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

පොලිස් කොමිසමේ සාමාජිකයින් අද දිනයේ රැස්වී වහාම ක්‍රියාත්මක වනපරිදි නැවත දැනුම්දෙන තුරු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩබැලීම සඳහා ලලිත් පතිනායක මහතා පත් කිරීමට පියවර ගත් බව පොලිස් කොමිසම පැවසීය.

නීතිපති උපදෙස් අනුව මෙම පත් කිරීම සිදුකර තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරන ලලිත් පතිනායක මහතා එම ධුරයේ රාජකාරී කටයුතුවලට අමතරව මෙලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩබැලීම සඳහා පත් කර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...