Tuesday, April 21, 2026
spot_img
spot_img

සජිත්ගෙන් උපාධිධාරීන් 50,000කට පොරොන්දුවක්

විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 50,000කට සමගි ජන බලවේග රජයකින් විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (ජූලි 31) පැවසීය.

සෑම උපාධිධාරියෙකුට ම රැකියාවක් ලබා දීම මෙන් ම විවිධ අවස්ථා ලබා දී ව්‍යවසායකයන් වීමට උපාධිධාරීන්ට අවස්ථාව ලබා දෙන බව ත් ඔහු පවසා සිටියේ ය.

රැකියා විරහිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක් අතරතුරදී ඔහු මෙම අදහස් පළ කළේ ය.

රැකියා දීම වෙනුවෙන් මූලික හා කාරක ප්‍රාග්ධනය ලබා දී රජයේ රැකියා මෙන් ම පෞද්ගලික අංශයේ රැකියා දීම තමාගේ අරමුණ බව විපක්ෂ නායකවරයා කීවේ ය.

රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කර එම ක්‍ෂේත්‍රය තුළ රැකියා කිරීමට උනන්දු අයටත් රැකියා ලැබෙන බව ත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කර ඒ ඔස්සේ ද රැකියා උත්පාදනය කරන්නේ යැයි විපක්ෂ නායකවරයා රැකියා විරහිත උපාධිධාරීන් වෙත පොරොන්දු විය.

උපාධිධාරීන්ට මූලික ආදායමක් ලබා ගැනීමට හැකි තත්ත්වයක් ගෙන ඒම තම අරමුණ බව ත් මෙය දේශපාලන සූදුවක් නොවන බව කී හෙතෙම, රජය මෙන් දේශපාලන ගේම් හා ඇන්දවිලි තමා ක්‍රියාත්මක නොකරන බව ත් පැහැදිලි කළේ ය.

රජය මේ අවස්ථාවේ තමන්ගේ ස්ථාවරය රැකගැනීමට විවිධ ඇන්දවීම් සිදු කරන බව ත් ඒවාට හසු නොවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරට ත් උපාධිධාරීන් වෙත අවධාරණය කර පැවසීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...