Sunday, April 19, 2026
spot_img
spot_img

පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ – ජොන්ස්ටන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (31) ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසුවා.
රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සිටින අයත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයට ඡන්දය දෙන්න කියපු අය බව ද සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් ඒ මහතා පැවසුවා.
අරගලයට ගිය ප්‍රේමදාස මහත්තයව ගහලා එලවද්දී ආෂු කියන ආකාරයට කූඩාරම් 17 ක් ගහපු අරගලයේ පිරිස ඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කළ බවත් බදු අඩු කළ ජනාධිපතිව ගහලා එලවලා බදු වැඩි කරපු කෙනාව ඉල්ලූ බවත් ඔහු සඳහන් කළා.
පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නවා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයොග්ය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.
එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්ෂකයෙක් එම පක්ෂයෙන් ඉදිරිපත් කරන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...