spot_img
spot_img

බන්දුල පොලීසි ගිහින්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ විනය කඩ කිරීමට එරෙහිව අමාත්‍ය බන්දුල ගුණ්වර්ධන මහතා හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව හෝමාගම පොලීසිය පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා තමාට කිසිදු දැනුම් දීමක් සිදු නොකර හෝමාගම දේශපාලන බල මණ්ඩල රැස්වීමක් සංවිධානය කළ බව පවසමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, එවැනි කරුණක් සඳහා පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බව පොලීසිය පවසා තිබෙනවා.

මේ පිලිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.

ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...