ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සමගි ජනබලවේගයට ලබා දීමට තීරණය කර තිබෙනවා.
එම කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ වනවිටත් එම කොංග්‍රසය කටයුතු කරනු ලබන්නේ, සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂයක් ලෙසින්.
පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සිය සහාය ලබා දෙන්නේ කාටද යන්න මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවටයි එම්.එස්.තවුෆික් අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීමට තීරණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කළා




