විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරණයට තරග කරන බැවින්, අධිකරණ අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වෙන බවයි.
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ( ජූලි 25) නිවේදනය කළා.




