spot_img
spot_img

අත තුනට කැඩිලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පාර්ශව 03 කට කැඩී ගොස් ඇති බවට වාර්තාවනවා.

එම පක්ෂයේ නායකයින් කණ්ඩායම් 03 කට බෙදී ජනපති අපේක්ෂකයන් තුන්දෙනෙකුට උදව් කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු කණ්ඩායමක් ජනපති අපේක්ෂක වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇති බවට වාර්තා වනවා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුලු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන බවට ප්‍රකාශ කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව පැවසෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය ලබාදෙන ජනපති අපේක්ෂකයා අනිද්දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...