spot_img
spot_img

නාමල් මට කියන්නේ නැතුව හෝමාගම රැස්වීම් තියලා – බන්දුල

තමන්ට කිසිදු දැනුම් දීමක් නොකර නාමල් රාජපක්ෂ මහතා විසින් හෝමාගම බල මණ්ඩලය කැඳවීම හෝමාගම සබුද්ධික ජනතාව කිසිසේත්ම අනුමත නොකරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම හෝමාගම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන තමාට කිසිදු දැනුම් දීමක් නොකර පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (28) හෝමාගම බල මණ්ඩලය හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ නිවසේ දී හෝමාගම බල මණ්ඩලය කැඳවා ඇති බවයි.

මෙම ආසන බල මණ්ඩල රැස්වීම සඳහා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළු සුළු පිරිසක් සහභාගී වී ඇති අතර ඒ සඳහා නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු එක්ව ඇති බවද වාර්තා වෙනවා.

එහිදී ඔවුන් ජනාධිපතිවරණයට සූදානම් විය යුතු ආකාරය පිළිබඳ එම පිරිසට උපදෙස් දී ඇති බවද සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව තමන් ගන්නා දේශපාලන තීරණය කුමක්ද යන්න අද ප්‍රකාශයට පත් කරන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

ඔහු පවසා ඇත්තේ අද පස්වරු 5.30ට හෝමාගම දී ප්‍රකාශයට පත් කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...