spot_img
spot_img

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී. පී. අතුළුවගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

ස්වකීය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ජනාධිපති ලේකම් එස්. බී. ඒකනායකට මේ බව දැනුම්දී තිබෙනවා.

එම ලිපියේ සඳහන් වී ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් සහ වර්ථමානයේදී ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට සිදුකරනු ලබන අතපෙවීම් හේතුවෙන් තමා මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් මීට පෙරද ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත්, එහිදී ඔහුගේ මැදිහත් වීම මත එම කරුණු නිවැරදි කරගැනීමට අවස්ථාව ලැබුණු බවත් එම ලිපියේ සඳහන්.

තවදුරටත් කරුණු දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමත කළ නොහැකි විවිධ යෝජනා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මතය මහාමාර්ග අමාත්‍යංශය වෙත යොමු කළ අවස්ථාවන්හී දී, ඔහු සමග රාජකාරි කටයුතු කිරීම අපහසු බව පවසමින් මෙලෙස එම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු අතර ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටින බවටද තමන්ට දැනගැනීමට හැකිවූ බවයි.

එසේ හෙයින්, තවදුරටත් මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට තමා අකමැති බවත්, ඒ අනුව තමා සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...