spot_img
spot_img

බන්දුල හෝමාගම තැබෑරුම් දෙකම වසා දමයි

හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇති බ​ව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ගණනාවක් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහලොස් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසල් කිහිපයක් සහ වාර්ෂික පොසොන් කලාපය සිදු කරනු ලබන අවුකන පිලිම අනුරුව ආසන්නයේ මෙලෙස තැබෑරුම් විවෘත කිරීමට හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සිටිනාතාක් ඉඩ නොදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, අද (26) පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,

“මම පහුගිය කාලේ පොසොන් කලාපයක් කරලා ලක්ෂ ගණනක් ජනතාව ආපු හෝමාගම පිටිපන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරුවෝ වැඩලා දුන්නා වගේ පොසොන් කලාපය ඉවර වෙනවාත් සමගම තැබෑරුම්  දෙකක් ආරම්භ කරන්න කටයුතු කරල තිබුණා. ඒ සම්බන්ධයෙන් අපි පිටිපන හන්දියේ උද්ඝෝෂණයකුත් කලා. මම කිව්වා හෝමාගම එහෙම තැබෑරුම් බලපත්‍ර ලබාදෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරන්න මම සූදානම් නෑ කියලා. ඒ අනුව ආරම්භ කරන ලද තැබෑරුම් දෙක ඊයේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...