spot_img
spot_img

කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරගය තව සුළු වෙලාවකින්

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරගය අද (26) පැවැත්වෙනවා.

රාත්‍රී හතට මෙම තරගය ආරම්භවන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගාවලියේ බී කාණ්ඩයේ මුල්තැනට පැමිණි ශ්‍රී ලංකාව සියලු තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් පූර්ව තරගය දක්වා පැමිණි අතර, පාකිස්ථානය අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේ ඒ කණ්ඩයේ තරඟ දෙකක් ජයගහ්‍රණය කරමින්.

මේ අතර, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අනෙක් අවසන් පූර්ව තරගය ද අද පස්වරු දෙකට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ මේ දක්වා පැවති තරගවලදී වැඩිම ලකුණු ලාභිනිය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුයි.

ඇය තරග 3 කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 180ක්.

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට ඉන්දීය කණ්ඩායමේ දීප්ති ෂර්මා පත්ව ඇති අතර, ඒ තරග 3 කදී කඩුලු අටක් දවාගනිමින්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...