spot_img
spot_img

2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

ප්‍රංශයේ පැරිස් නුවරදි 2024 ඔලිම්පික් උළෙල හෙට (26) නිල වශයෙන් ආරම්භ වුවද පාපන්දු සහ සත් සාමාජික රග්බි තරග ඉසව්වල මූලික වටයේ තරග කිහිපයක් පසුගිය 24 වැනිදා ආරම්භ කෙරුණා.

ඒ අනුව, ආජන්ටිනා කණ්ඩායමට එරෙහි පැවති තරගය මොරොක්කෝ කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එමෙන්ම, උස්බෙකිස්ථානය ගෝල දෙකට එකක් ලෙස පරාජයට පත් කිරිමට ස්පාඤ්ඤය සමත් වූ අතර, ජපානය හමුවේ පැරගුවේ පාපන්දු කණ්ඩායම පරාජයට පත්වුනේ ගෝල පහට බිංදුවක් ලෙසින්.

මේ අතර, ඊයේ පැවති රග්බි මුලික වටයේ තරගවල දී කෙන්යාවට එරෙහිව ලකුණු 31ට 12ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආජන්ටිනාව සමත් වූ අතර, පසුව ඔවුන් සැමෝවා දේශයට එරෙහිව ද ජයග්‍රහණයක් ලබා ගත්තා.

අද දිනයේදි ද ඔලිම්පික් උළෙලේ මුලික වටයේ තරග පැවත්වෙන අතර, ඒ අනුව ප්‍රංශය පාපන්දු කණ්ඩායම ගෝල තුනට බිංදුවක් ලෙස අමරිකාව පරාජය කළා.

දකුණු අප්‍රිකාවට එරෙහි මුලිකවටයේ පැවති රග්බි තරගයේදි ලකුණු 17ට 05 ක් ලෙස ජය වාර්තා කිරිමට නවසීලන්ත රග්බි කණ්ඩායම සමත් වුණා.

ප්‍රංශයේ පැරිස් නුවරදි 2024 ඔලිම්පික් උළෙල අද නිල වශයෙන් ආරම්භ වන අතර, ඊට සහභාගි වන ශ්‍රී ලංකා මළළ ක්‍රිඩා කණ්ඩායම 24 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

පැරිස් හි ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් හමුදා භටයින් 75,000 ක් යොදවා ඇති බවද වාර්තා වනවා.

සමාරම්භක උත්සවයෙන් අද නිල වශයෙන් ආරම්භ වන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය වන්නේ ‘ඝමෙස් විඩෙ ඔපෙන්’ යන්නයි.

ප්‍රංශ අගනුවර මෙලෙස ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන්නේ වසර 100කට පසුව වන අතර, සමාරම්භක උත්සවයේදී සේන් නදියේ කිලෝමීටර 6 ක් දුරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රභූන් රැගෙන යාත්‍රා යැවෙණු ඇති.

උත්සවයේ කලා අධ්‍යක්ෂක තෝමස් ජොලි පවසා ඇත්තේ, මෙම උත්සවයට ප්‍රේක්ෂකයින් 300,000 කට සහභාගී විය හැකි අතර, ප්‍රංශයේ විවිධත්වය පෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට හොලිවුඩ් තරුවන සෙලීන් ඩියෝන් සහ ලේඩි ගාගා ද සහභාගී වන බව වාර්තා වනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කළ පළමු ක්‍රීඩා උළෙල මෙයවන අතර, ක්‍රීඩකයින් 5,250 ක් සහ ක්‍රීඩිකාවන් 5,250 ක් එහිදී තරග කිරීමට නියමිතයි.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගනුවර සහ ප්‍රංශයේ අනෙකුත් ප්‍රදේශවල දින 18 ක් පුරා පැවැත්වෙන අතර තරඟ 32 ක් තුළ රන් පදක්කම් 329 ක් ප්‍රදානය කරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...