spot_img
spot_img

මැතිවරණ නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කරන්න – මැකෝ

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නියෝග අදාල ආයතන විසින් නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණක් පැවැත්වීම සඳහා සියළු අපේක්ෂකයින්ද අදාල නියෝග පිලිපදින ලෙසයි.

එමෙන්ම මැතිවරණ සංවිධාන කටයුතු සියළු දේ සිදු කෙරෙමින් පවතින බව හෙතෙම කියා සිටියා.

දැනට මැතිවරණ සම්බන්ධීකරණ කරන මැතිවරණ කටයුතු සම්බන්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ අදාල කටයුතු සිදු කරන බව ආර්.එම්.ඒ. එල්. රත්නායක පවසනවා.

ඉදිරියේදී පත්වන පොලිස් පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණ කලා.

අද දින සිට මැතිවරණ නීති රීතී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ සහ මැතිවරණ පනතට අනුව ක්‍රියාත්මක වන අතර ඉදිරියේ මැතිවරණ කොමිසම් සභාව මගින් නිකුත් කරන නියෝග උපමාන ගැසට් පත්‍රයක නිකුත් කරන්නට කටයුතු කරන බව ආර්.එම්.ඒ.එල්.රත්නායක වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම කිසිවෙකුගේ නීතියට, ඉල්ලීමකට හෝ බලපෑමකට හිස නොනමන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...