ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
මොන සුභාරංචියක්ද? අපට ජීවත් වෙන්න බැහැ යැයි ජනතාව කියන බව මන්ත්‍රීවරයා සදහන් කළා.
“අපේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් නෑ. පූර්ණ ආර්ථික ප්රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අප පිළිගන්නවා. අප බලාපොරොත්තු වන්නේ ජනතාව බලාපොරොත්තු වන වෙනසක් යැයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.




