වාහනවල අධික ශබ්ද නගන නලා ඉවත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.




