spot_img
spot_img

රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය අවදානමක්

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, දැඩි අවදාම් සහිත බවට හඳුනාගත් ප්‍රදේශවලට විශේෂ කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බවය.

“මේ වනවිට රට පුරා ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. රෝගීන් සංඛ්‍යාව මේ වෙද්දි 30,500ක් විතර ලංකාවෙන්ම වාර්තා වෙලා තියෙනවා. දොළොස්දෙනෙක් විතර මේ වෙද්දි මිය ගිහින් තියෙනවා. සමීක්ෂණ දත්ත අනුව නිවාස ආශ්‍රිත මදුරු ඝනත්වයට වඩා රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ව්‍යාපාරික, කර්මාන්ත ශාලා වැනි පොදු ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බහුලට බවට හඳුනාගෙන තියෙනවා. එම ප්‍රදේශවල 22, 23 හා 24 දින තුනේ විශේෂ කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ අනුව අපි හඳුනාගත්තා වැඩිම මදුරු කීටයින් බෝවෙන රාජ්‍ය ආයතනය එහෙම නැත්නම් පොදු ස්ථාන හඳුනාගෙන ඒවා මර්දනය කිරීම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි සිදුකරනවා.”

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරමින් නජිත් සුමනසේන මහතා පවසා සිටියේ, මෙවැනි අවධානම් තත්ත්වයන් සහිත ප්‍රදේශවලට කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ වනවිට යෙදවා ඇති බවය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...