ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින්, මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසකගේ එකතුවක් සමග අගෝස්තු 08 වැනිදා සමගි ජනබල සන්ධානයට අදාළ ගිවිසුමට එළැඹෙන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
සමගි ජන බලවේගය හා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්රමුඛ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අතර පසුගිය අප්‍රේල් 05 වන දා සමගි ජන බල සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබුවා.
සමගි ජන බලවේගය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින්.
ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ගිවිසුමට අත්සන් තැබූ සෙසු පිරිසයි.




