spot_img
spot_img

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.

වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකි වේ.

කෙසේවෙතත් සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

අදාළ යෝජනා අගෝස්තු මස 9 වන දිනට හෝ එදිනට පෙර යොමුකළ යුතු බව ද මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...