ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම කළ රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුව නිතීඥ අරුණ ලක්සිරි මහතා විසින් ගෙවා තිබේ.
එම ගෙවීම නීතිඥ ලක්සිරි මහතා විසින් අද (23) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට ගෙවා ඇත.




